Saturday, August 30, 2014

සංගීත චාරිකාවක් 20 - Nitty Gritty Dirt Band


අපි පාසල් යන කාලේ නිතර ගුවන් විදුලියේ ප්‍රචාරය වූ An American Dream ගීතය අහම්බෙන් ගී පොතක් තිබීල හම්බ උනා. මේ ගීතය ගායනා කරන Nitty Gritty Dirt Band වසර 50ක් පමණ කාලයක් ගීත ගායනයේ යෙදී සිටින අතර වාදකයන් බොහෝ ගණනක් වරින් වර වෙනස් වූ නමුදු තම අනන්‍යතාව නොවෙනස්ව මේ අඩසියවසක දීර්ග කාලය තුල රැකගත් කණ්ඩායමක්



කන්ට්‍රි, ෆොක් සහ රොක් යන ශෛලී තුල ගීත රැසක් ගායනා කල Nitty Gritty Dirt Band කැලිෆෝනියා ලෝන්ග් බීච් හි ආරම්භ කරනුයේ 1966 වසරේදීය. කණ්ඩායමේ සමාරම්භකයන් වනුයේ ගිටාර් වාදකයකු සහ ගායකයකු වන Jeff Hanna සහ ගිටාර් වාදකයකු, ගායකයකු මෙන්ම ගීත රචකයකු වන Bruce Kunkel දෙදෙනාය. මේ දෙදෙනා McCabe's Guitar Shop නම්වන සංගීත භානඩ අලෙවි සැලේ ප්‍රසංග සඳහා සහභාගී වන අතරදී හමුවන වොෂ් ටබ් බේස් වාදකයකු වන රැල්ෆ් බර්, ගිටාර් සහ ක්ලැරිනට් වාදකයකු වන ලෙස් තොම්සන්, හාමොනිකා සහ ජග් වාදකයකු වන ජිමී ෆාඩන් සහ ගායකයකු මෙන්ම ගිටාර් වාදකයකු වන ජැක්සන් බ්‍රවුන් යන හතර දෙනා එකතු කොටගෙන Nitty Gritty Dirt Band නමින් ජග් සංගීත කණ්ඩායමක් පිහිටුවා ගන්නවා. මුල් යුගයේ මෙම කණ්ඩායම ප්‍රාදේශීය සමාජ ශාලා සඳහා සංගීතය සැපයීමට පටන් ගන්නවා.

 
මාස කිහිපයක් තුල ජැක්සන් බ්‍රවුන් කණ්ඩායමෙන් ඉවත්වීමත් සමග ජෝන් මැකන් ඔහුගේ තැන ගන්නවා. මේ අතර ජැක්සන් බ්‍රවුන්ගේ සහෝදරයා කණ්ඩායමේ කළමනාකරු බවට් පත් වන අතර ඔහු ලිබර්ටි තැටි සමාගම සමග ගිවිසුමකට එලබීමට සමත් වනවා. කණ්ඩායමේ මුල්ම ඇල්බමය Nitty Gritty Dirt Band නම් වන අතර එහි Buy for Me the Rain නම් ගීතය Top 40 දර්ශකයට ඇතුලත් වීමට සමත් වනවා.


සංගීත කණ්ඩායමේ දෙවන ඇල්බමය වන Ricochet පළමුවැන්න තරම් ජනප්‍රියත්වයක් ලඟා කරගන්නේ නැහැ. මෙවිට කණ්ඩායම තුලට විදුලි සංගීත භාණ්ඩ එකතු කරගත යුතුබව පෙන්වා දෙන Bruce Kunkel විසින් 1968 වසර දී විදුලි සංගීත භාණ්ඩ සහ ඩ්‍රම් එකතු කරනවා. කෙසේ වෙතත් ඉන් පසු එළිදක්වන Rare Junk, සහ Alive නම් ඇල්බම් දෙකම වාණිජ වශයෙන් අසාර්ථක වනවා.

1968 වසරේ තිරගත වන For Singles Only සිනමා පටයට රංගන දායකත්වය ලබාදීමත් සමග කණ්ඩායම ජනප්‍රිය වන අතර 1969 දී Paint Your Wagon සිනමා පටයට ගයන Hand Me Down That Can o' Beans ගීතය ඉහල ජනප්‍රියතාවක් ලබා ගන්නවා.



ඉන් අනතුරුව ටික කලෙකට අකර්මන්‍ය වන සංගීත කණ්ඩායම 1970 වසරේ Uncle Charlie & His Dog Teddy ඇල්බමය එලි දක්වනවා. කණ්ඩායමේ වඩාත්ම ජනප්‍රිය ගීත වන Jerry Jeff Walker නම් ගායකයාගේ Mr. Bojangles ගීතයේ නව ගායනය සහ House at Pooh Corner ගීතයේ නව ගායනය මෙම ඇල්බමයේ ඇතුලත් වනවා. Mr. Bojangles ගීතය Billboard's හි සර්වකාලීන Hot 100 දර්ශකයේ නව වන ස්ථානය අත්පත් කරගන්නවා.

Mr. Bojangles


House at Pooh Corner


1977 වසරේදී රුසියාව, ආර්මේනියාව, ජෝර්ජියාව සහ ලෑට්වියාවේ ඇති සාර්ථක සංචාරය Nitty Gritty Dirt Band විසින් සිදු කරනුයේ සෝවියට් රුසියාවේ සංචාරය කල ප්‍රථම ඇමෙරිකානු සංගීත කණ්ඩායම බවට පත් වෙමින්. මෙම සංචාරය මිලියන 145ක ජනතාවක් නරඹා ඇති බවට ගණනය කොට තිබෙනවා.


Nitty Gritty Dirt Band හි තවත් ජනප්‍රිය ගී කිහිපයක්

Some of Shelly's Blues

Cosmic Cowboy
All I Have to Do Is Dream

Fire in the Sky

චාරිකාව තව දුරයි
විසිඑක් වන කොටසින් හමුවෙමු

2 comments:

  1. බයිට් ගියාට පාඩු නෑ කියලා හිතුනා සින්දු ටික ඇහුවම ,,ඕ...යේස්

    ReplyDelete
  2. මෙවන් ශෛලීන් අපේ සංගීතයට ආගන්තුකවී ඉන්දියානු සංගීතයට පමණක් අප කොටු වීම හරිම අපරාදයක්

    ReplyDelete