Tuesday, February 9, 2016

චීය... ඔපෙරා

අපි නං රෑට නිදියන්නෙත්  ඔපෙරා  අහල මෙයා... අපේ මමීත්  කියන්නේ ඔපෙරා ඇහුවේ නැතිනං නින්ද යන්නේ නැහැ කියල. ඒ උනාට ඩඩා නං කියන්නේ හෙවි මෙටල් අහන්නේ කියලා. ඔයාට කිව්වට ලාස්ට් මන්ත්  මමීගේ බර්ත් දේ එකට ඩඩා අරන් දුන්නු අවුඩි එකේ යනකොට දාන්නෙත්  ඔපෙරාම තමා. ඔයාට කියන්නේ මමී නං අහන්නේ  ජර්මන් ලැන්වේජ් ඔපෙරා. මමනං ඉතිං ඉටලියන් ඔපෙරා වලට් තමා ඉන්ටෙරෙස්ටින් ඉතින් අපි අවුඩි එකේ යනකොට හැම තිස්සෙම රණ්ඩු තමා.

දැන් මේ ගොඩේ සිංහලීස් සොන්ග්ස් ඔපෙරා කරලා හැම එකාම ඔපෙරා කියන්න අරගෙන. චීය මෙයා..
අපේ කර්නිගොල් වල හන්ඩ්රඩ් ඒක කොකනට් එස්ටේට් එකේ ප්ලකින් කරන ජෙමාගේ ඩෝටත් දැන් ඔපෙරාම විතරයි  අහන්නේ.හරිම ඩිස්ගස්ටින්ග් මෙයා....

9 comments:

  1. මළ විනාසයක් වෙන්නේ ඔයිපාර...

    ReplyDelete
    Replies
    1. එක තමා හැම සින්දුවම ඔපෙරා කරාම

      Delete
  2. ඒ කට දැක්කා ම මට නං මාර ජාති හිතෙනවා අප්පා.............

    ReplyDelete
  3. දැන් මට හිතාගන්න බැරි ජීවනය බනිනවද හොඳ කියනවද කියල. අවුඩි එක තවම වික්කේ නැත්ද?

    ReplyDelete
    Replies
    1. බනින්නේ නැතිව කොහොමද මෙයා..
      හැම එකාම ඔපෙරා අහනකොට අපි වගේ පොෂ් අය අහන්නේ මොනවද?

      Delete
    2. අපි පරණ කාර් විකුනන්නේ නැහැ.
      මාස දෙකක් විතර පාවිච්චි කරලා ඔය හිගන්නෙක් ආවම දීල දානවා.
      නැතිනම් මලවදේ පරණ බඩු ගෙවල් වල තියාගන්න ගියාම.

      Delete
    3. මේක දැකල මට හිනා වෙලා පන ගියා . කොහෙන් මේවා කටට එනවද හැබැට හි හී

      Delete
    4. මම ඉතින් හිගන්නෙක් කියලම හිතන්නකෝ.... විසික්කා කරන්න අනේ බැද්දට !

      Delete